ගුරුවරයා ගැන
වසර 8කට ආසන්න කාලයක් අඛණ්ඩව 100% ප්‍රතිඵල පෙන්වමින් මාතලේ නගරයේ හා උකුවෙල නගරයේ ජනප්‍රියම සාමාන්‍ය පෙළ විද්‍යාව පන්තිය බිහිකල ගුරුවරයායි.
මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්ව ද්වීතීක අධ්‍යාපනය සදහා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වන ලදි.
9 ශ්‍රේණියේදී මාතලේ විද්‍යා විද්‍යාල තරග විභාගයට ඉදිරිපත් වී ඉන් දෙවෙනි ස්ථානය ලබා විද්‍යා විද්‍යාලයට ඇතුළත් වේ.
සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ සාමාර්ථ 9ක් ලබාගනිමින් මාතලේ දිස්ත්‍රික් ප්‍රථමස්ථානය හිමිකරගනී.
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් පෙනීසිට ඉහළින්ම සමත්වී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබාගන්නා ඔහු සත්ත්ව විද්‍යාව පිළිබද තම පළමු උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධිය දරන විද්‍යාර්ථයෙකි.
උසස් පෙළ සමයේදීම විද්‍යාව උපකාරක පන්ති ක්ෂේත්රයට යොමුවන ඔහු තමන්ම භාවිතා කළ ඉගෙනුම් ක්‍රමවේද හා කෙටි ක්‍රම මගින් විද්‍යාව විෂයට දරුවන් තුළ වූ ඇල්ම වැඩිකරන ලදි.